LYRICS.LK
Watermarked lyric display
Mayawo | මායාවෝ
Buddhika Athauda
මායාවෝ ආශාවෙන් ඉගිලී ගියා ඇගෙ උන්මාද රතඳර තෙමා ඇඳුනාදෝ ගැඹුරටම ඔය රූ සොබා ඇත හද ගැස්මේ ඔබෙ නම ලියා ශංගාරේ අවුලන්නේ උණුහුම් රටා සිපගන්න දෙනුවන් වසා ළය මඬළේ මැද පතුළේ චංචල ලතා හිත මාගෙ නිරුවත් කලා
අභිසාරීකා මන බන්ඳනා ඈ මගෙමයි සදා රූ අංජනා මගෙ හුස්මට වඩා මං නුඹට ආදරේ වෙලා මං නුඹට ළෙංගතු වෙලා
කිසිදාක හැකිවේද සිරිකත වෙලා මගෙ සිරියහන සරසන්නටා ඒ පැතුම මගෙ ළමැදෙ මිහිදන් වෙලා සඳ ඔබටයි මේ ආරාධනා කිසිදාක වෙන් නොවන බව දිවුරලා ඔය දෑස මම සිපගමි මතු දිනක ඔය උකුලෙ මගෙ හිස තියා මේ ලෝකෙ හැරදා යමි